Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුව වෙනුවන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ආරක්ෂාව ඉල්ලා ඇති බව වාර්තා වේ.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් රට පුරා කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යොමුකළ නියෝගයකට අදාළ ලේඛනයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
එම ලිපියට අනුව, වැඩබලන පොලිස්පතිවරයා දැනුම්දී ඇත්තේ, මෙම පක්ෂ සම්මේලනයට සහභාගී වන පොහොට්ටු පාක්ෂිකයන්ට එරෙහිව ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බවයි.
ඒ අනුව සිදුවිය හැකි ප්රචණ්ඩ ක්‍රියා වැලැක්විමට පොලිසිය පියවර ගතයුතු බව වැඩබලන පොලිස්පතිවරයා දැනුම්දී ඇත.
ප්රචණ්ඩ ක්‍රියා ඇතිවුවහොත් ඒවා පාලනය කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු උපයෝගී කරගන්නා ලෙසද වැඩබලන පොලිස්පතිවරයා අදාළ නියෝගයෙන් දැනුම්දී තිබේ.
අවශ්‍යතාව අනුව හමුදා සහාය ලබාගන්නා ලෙසත් එමගින් වැඩිදුරටත් දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart