December 15, 2023

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව දිගටම සටන් වදින යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදීම සඳහා වන සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

යුක්‍රේනයට අමතරව මෝල්ඩෝවා රාජ්‍යද යුරෝපා සංගමයට බඳවා ගැනීමට යෝජනාවී ඇත.

යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මිෂේල් ප්‍රකාශ කර ඇත්තේ, බ්‍රසල්ස් හිදී පැවැති සමුළුවකදී සාමාජිකයන් 27දෙනාගෙන් 26දෙනකු අදාළ තීරණය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බවය.

යුක්‍රේනය යුරෝපා සංගමයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් හංගේරියාව මුල සිටම විරුද්ධව කටයුතු කළ ද අවසන් මෙහොතේ ඔවුන් නිෂේධ බලය භාවිත නොකළ බව වාර්තා වෙයි.

යුරෝපා සංගමයේ නව තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසන්නේ, මෙම තීරණය යුක්‍රේනයේ සහ සමස්ත යුරෝපයේම ජයග්‍රහණයක් බවය.