December 15, 2023

තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කිසිදු ආකාරයක ගනුදෙනුවකට අනාගතයේ සූදානම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමඟ, සමගි ජන බලවේගය සමග සන්ධානගත වී සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) කළකිරීමට පත්ව ඇති බව ‘Daily Mirror’ වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, ඇතැම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබන මෙම මිත්‍ර පක්ෂ දෙක, ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයට මුහුණ දීම සඳහා සජබ සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය (UNP) අතර සන්ධානයක් ඇතිකර ගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට (NPP) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව ප්‍රබල බලවේගයක් ලෙස මැතිවරණයට තරග කිරීමට එවැනි එකමුතුවක් අවශ්‍ය බව එම කණ්ඩායමේ අදහස වී තිබේ.

කෙසේවෙතත්, ඊට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී විවෘතව කළ ප්‍රකාශය ඔවුන්ගේ උත්සාහය අසාර්ථක ව්‍යායාමයක ප්‍රතිඵලයක් බවට පත්කර ඇත.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රධාන ධාරාවේ දේශපාලන බලවේග උපාය මාර්ග සකස් කිරීමට පටන් ගෙන තිබේ.

සජබ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ පක්ෂයේ සුළුතර හිතවතුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර සන්ධානගතවීමට ජනාධිපතිවරයාට කැමැත්තක් දක්වයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ඔක්තෝම්බර් මාසයට පෙර මැතිවරණය පැවැත්විය යුතුයි.

සජිත ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර ඇත.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකද එහිදී තරග වැදීමට අපේක්ෂා කරන තවත් අපේක්‍ෂකයෙකි.

42.31%
17.27%
32.76%