Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් සිසුවියක ලෙස පෙනීසිටිමින් අන්තර්ජාලයට අසභ්‍ය වීඩියෝ පළ කළ අඹුසැමි යුවළක් කඩුගන්නාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියක සහ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.
මෙම යුවළ උපාධිධාරීන් වන අතර, නීත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කර ඇති ඔවුන් ලබන වසරේ මංගල උත්සවය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මුදල් ඉපැයීම සඳහා මෙවැනි ව්‍යාජ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවට මෙම යුවළ පාපොච්චාරණය කර ඇති අතර, ඒ හරහා මසකට රුපියල් 100,000ක පමණ මුදලක් උපයාගත් බව පවසා තිබේ.
එම වීඩියෝ පට නිෂ්පාදනය සඳහා භාවිත කළ පරිගණකයක්, පාසල් නිල ඇඳුමක්, ටයි පටියක් ඇතුළු විවිධ උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම යුවළට අන්තර්ජාල පරිශීලකයන් සංඛ්‍යාව 4,400ක් සිටින අතර, ඔවුන් අවසන් වරට පළකළ වීඩියෝව මිලියන 8.7ක් නරඹා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කඩුගන්නාව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ.
මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සඳහන් කළේ, මෙවැනි ජාවාරම්වල යෙදෙන තවත් පිරිස් පිලිබඳ තොරතුරු ලැබී ඇති බවත්, ඔවුන් පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart