Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2004 වසරේදී සිදුවූ රුපියල් බිලියන හතරකට අධික වැට් බදු වංචාව සම්බන්ධයෙන් වරදකරුවන් කර කොළඹ මහාධිකරණය විසින් නියම කළ සිරදඬුවම් හා රුපියල් කෝටි සිය ගණනක් වූ දඩ ගෙවීමේ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් තිදෙනකු ගොනුකර තිබූ අභියාචනා පෙත්සම්, අභියාචනාධිකරණය ඊයේ (13) තුනෙන් දෙකක බහුතර තීන්දුවකින් නිෂ්ප්‍රභ කර ඇත.
එම නඩුවේ පස්වන විත්තිකාර මොහොමඩ් සුවාර් පසුල් අමාවි, හයවන විත්තිකාර මොහොමඩ් මවුජුල් අමීර් හා අටවන විත්තිකාර මොහොමඩ් කමිල් කටුබ්ඩින් විසින් ගොනුකර තිබූ එම අභියාචනා, අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න, සම්පත් අබේකෝන් හා ආර්. ගුරුසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගෙන තිබේ.
මහාධිකරණය විසින් එම විත්තිකරුවන්ට ලබාදී තිබූ දඬුවම් ඉවත් කොට ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවට නිගමනය කළ, සම්පත් අබේකෝන් හා ආර්. ගුරුසිංහ යන අය මහාධිකරණයේ තීන්දුව අනුමත කරමින් තීන්දුවක් නිකුත්කර ඇත.
ඉදිරිපත් වූ කරුණු අනුව විත්තිකරුවන් වරදකරුවන් කරමින් මහාධිකරණය ලබාදී තිබූ තීන්දුව යුක්තිසහගත නොවන බවට තීන්දු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විත්තිකරුවන් තිදෙනාම නිදොස් කොට නිදහස් කරමින් තීන්දුවක් නිකුත් කර තිබේ.
ඒ අනුව, බහුතර තීන්දුව මගින් එම විත්තිකරුවන්ගේ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා සිල්වා සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිට ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart