December 14, 2023

වසර 06ක කාලයක් තුළ සිය නීත්‍යානුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි වූ රුපියල් කෝටි හතහමාරකට අධික මුදල් හා වත්තම් උපයාගත් බවට හිටපු ඇමැති විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පැවැරූ නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විමල් වීරවංශ වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා දෙකම ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන වසරේ ජනවාරි 29 වැනිදා පැවැත්වීමට ඊයේ (13) තීරණය කර ඇත.

2009 ජනවාරි මස පළමුවැනිදාත්, 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලසීමාව තුළ ඇමැතිවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදයමට වඩා රුපියල් මිලියන 75කට අධික මුදල් සහ වත්කම් උපයාගත් බවට යහපාලන රජය සමයේ හිටපු ඇමැති විමල් විරවංශට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා තිබේ.

ආදායම අබිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අත්පත් කරගැනීම තුළින් අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන ‘දූෂණය’ නමින් හඳුන්වන අල්ලස් පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බව ද අල්ලස් කොමිසම දැනුම්දී ඇත.

වසර 06ක කාලයක් තුළ සිය නීත්‍යානුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි වූ රුපියල් මිලියන 75කට අධික මුදල් හා වත්කම් උපයාගත් බවට හිටපු ඇමැති විමල් විරවංශට එරෙහිව නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනීසිට තිබේ.

මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විමල් වීරවංශ වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා දෙකම ප්‍රතික්ෂේප කරමින් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා නඩුව ලබන වසරේ ජනවාරි 19 වැනිදා කැඳවීමට නියම කර ඇත.(ලංකාදීප)

42.31%
17.27%
32.76%