Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා පසුගියදා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතුව සොයාබැලීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර පවසයි.
පසුගිය සෙනසුරාදා දිවයින පුරා සිදු වූ විදුලිය ඇනහිටීමට හේතුව පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට තමන් සඳුදා (දෙසැ 11) ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරියට ගිය බව ට්විටර් (X) සටහනකින් ඇමැතිවරයා සඳහන් කර ඇත.
“පද්ධති පාලන ඉංජිනේරුවන් සහ නිලධාරීන් විදුලිය විසන්ධිවීමට තුඩුදුන් සිදුවීම් සහ විදුලිය යථා තත්ත්වයට පත්කිරීමට ගත් පියවර ඉදිරිපත් කළා,” යැයි ඔහු පවසයි.
විදුලිය විසන්ධිවීමට නිශ්චිත හේතු සොයාබැලීම සහ සත්‍යාපනය කිරීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතින බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අනාගතයේදී සිදුවන අවහිරතා මඟහරවා ගැනීම සඳහා පද්ධති පාලනය සහ විමර්ශන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වයට උපදෙස් දුන් බවද ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart