December 12, 2023

ලිසිප්‍රියා කන්ගුජම් යනු ඉන්දියාවේ 12 හැවිරිදි දැරියකි.

ඇය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ළාබාල දේශගුණික යුක්ති ක්‍රියාකාරිනියක ලෙසිනි.

ඇය සිය රටේදී මෙන්ම විදේශයන්හිදීද පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් කැපීපෙනෙන විරෝධතාවන්ගේ නිරතව ඇත.

ඇය අලුතින්ම සිදුකළ විරෝධතාව වන්නේ, ඩුබායි හි පැවැත්වෙන, ලොව පුරා රාජ්‍ය නායකයන්ද එක්වූ දේශගුණික විපර්යාස සමුළුවේ (COP28) සමුළුවේ වේදිකාවට ගොඩවීමයි.

එලෙස වේදිකාවට ගොඩවූ ඇය සිය හිසට ඉහළින් විරෝධතා පුවරුවක් ඔසවාගෙන ලොව පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් කෙටි දේශනයක්ද පැවැත්වූවාය.

අයගේ මෙම විරෝධය සාමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා වේගයෙන් පැතිරී ගියේය.

“ෆොසිල ඉන්ධන අවසන් කරන්න. අපේ පෘථිවිය සහ අපේ අනාගතය සුරකින්න” සඳුදා ඩුබායි හි පැවති COP28 දේශගුණ සමුළුවේ වේදිකාවේදී ඇය නැගූ හඬ එයයි.

මෙම විරෝධතාව හමුවේ මද වෙලාවකින් ආරක්ෂා අංශ ඇයව වේදිකාවෙන් ඉවතට රැගෙන යනු ලැබීය.

ලිසිප්‍රියා චෝදනා කරන්නේ, ඔවුන් තමාව පැය භාගයක කාලයක් රඳවා තබාගත් බවයි.

කෙසේවෙතත් ඇයව වේදිකාවෙන් ඉවතට රැගෙන යන අවස්ථාවේදී සමුළුවේ එදින සැසිවාරයට එක්වෙමින් සිටි සියලුම වැඩිහිටියන් අත්පොළසන් දෙමින් ලිසිප්‍රියාව අගය කරනු දැකගත හැකි විය.