Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇතැම් ප්‍රදේශවල දෙමළ නිවාස පොලිසිය විසින් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පාර්ලිමේන්තුවේදී කනස්සල්ල පළකළේය.
සඳුදා (දෙසැ 11) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ කිරුළපන, වැල්ලවත්ත, දෙහිවල, බම්බලපිටිය, නාරාහේන්පිට, කොටහේන, මට්ටක්කුලිය, සහ මෝදර පොලිස් බල ප්‍රදේශවල දෙමළ නිවෙස් පමණක් ලියාපදිංචි කරන්නේ මන්දැයි කියාය.
“පොලිස් නිලධාරීන් ගෙයින් ගෙට ගොස් ස්ත්‍රී පුරුෂභාවය, ආගම, උපන් දිනය සහ දුරකථන අංක වැනි පෞද්ගලික තොරතුරු රැස්කරමින් සිටිනවා. මෙය දෙමළ නිවෙස්වලට පමණක් සීමාවන්නේ ඇයි? මේක මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නැත්නම් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හදන පොලිස් රාජ්‍යයක්ද?” ඔහු ප්‍රශ්න කළේය.
දෙමළ භාෂාව ද ජාතික භාෂාවක් ලෙස පිළිගෙන ඇතත් පොලිස් නිලධාරීන් ඉදිරිපත් කරන ආකෘති පත්‍ර ඇත්තේ සිංහලෙන් පමණක් බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
රට තුළ යුද්ධයක් හෝ ත්රස්තවාදයක් නොතිබෙන බව පෙන්වාදුන් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා, මහජන ආරක්ෂක ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ එම ප්‍රදේශවල ජනතාව බියෙන් ජීවත් වන බැවින් එවැනි ක්‍රියා නතර කරන ලෙසයි.
මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේ පුද්ගලයන් ලියාපදිංචි කිරීම පොලිසිය විසින් සිදුකරන සම්මත ක්‍රියාවලියක් බවයි.
එම ලියාපදිංචිය දෙමළ නිවෙස් පමණක් ඉලක්ක කර නොගන්නා බවත් පොලිසිය එම ප්‍රදේශයේ සියලුම ජන කොටස්වල සාමාජිකයන් ලියාපදිංචි කරන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart