December 11, 2023

මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට අදාළව පවරා තිබූ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියෝග කළේය.

2012 වසරේදී හොඳ කට්ටාඩි ගීගන බඳනගේ සමිත් අනුරුද්ධ නමැති අයකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කර තිබුණේ, අදාළ තැනැත්තිය තමාට අයත් SPKL 5126 දරණ කාර් රථය මිලදී ගන්නා බවට පොරොන්දු වී ලක්ෂ 68ක චෙක් පතක් ලබාදී එය අගරුවී ඇති බවයි.

එමනිසා සාපරාධී විශ්වාසය කඩකිරීමේ වරද චූදිත වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි යන අයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පවරා තිබිණි.

ඊට අදාළ මහාධිකරණ නඩු විභාගය 2021 වසරේ අධි චෝදනා ගොනුකිරීම මඟින් ඇරඹී තිබූ අතර මේ දක්වා එහි නඩු විභාග කටයුතු පැවතියේය.

42.31%
17.27%
32.76%