December 11, 2023

විදේශීය සිසුන් සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇත.

එමඟින් එරටට ඉදිරි වසර දෙක තුළ පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව අඩකින් අඩු කිරීමට ඕස්ට්‍රේලියාව අපේක්ෂා කරයි.

නව ප්‍රතිපත්ති යටතේ, විදේශීය සිසුන්ට ඉංග්‍රීසි පරීක්ෂණ(IELTS) සඳහා ඉහළ ශ්‍රේණිගත කිරීම් ලබා ගැනීමට අවශ්‍ය වනු ඇති අතර ශිෂ්‍යයන්ගේ වීසා අයැදුම්පත්‍රය දැඩි ලෙස පරීක්ෂාවවට ලක්කෙරෙනු ඇත.

ඒ අනුව 2025 වසරේ ජුනි මාසය වනවිට එරටට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ සංක්‍රමණිකයන් 250,000කට පමණි.

පසුගිය සති අන්තයේ අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසුවේ, ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව “තිරසාර මට්ටමකට” ආපසු ගෙන යා යුතු බවත්, “පද්ධතිය බිඳ වැටී ඇති” බවත්ය.

පසුගිය වසර කිහිපය තුළදී ඔස්ට්‍රේලියාවේ විදෙස් සංක්‍රමණිකයන් විශාල ලෙස ඉහළ ගිය අතර මේ හේතුවෙන් එරට තුළ නිවාස ගැටලුව වැඩිවී තිබේ.

42.31%
17.27%
32.76%