Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගැනීම සදහා කිසිදු බාහිර පාර්ශවයකට මුදල් ලබාදිය නොදිය යුතු බවත්, එසේ මුදල් ලබාදී ඇති බවට තහවුරු වුවහොත් මුදල් ලබාදුන් අයගේ රැකියා අවස්ථාවන් අහිමිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය අවධාරණය කරයි.
කම්කරු හා විදේශ රැකියා ඇමැතිවරයා හරහා හෝ පෞද්ගලික කාර්ය මණ්ඩලය හරහා හෝ එවැනි රැකියා අවස්ථාවන් ලබාදෙන බව පවසමින් මුදල් එකතු කිරීමට ඇතැම් ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව එම අමාත්‍යංශය කියයි.
අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ එවැනි ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙසයි.
මෙසේ විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් බාහිර පාර්ශව විසින් මුදල් ලබාගැනීම නීතිවිරෝධී වන අතර, එසේ මුදල් එක්කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද විදේශ රැකියා අමාත්‍යංශය අවධාරණය කරයි.
මෙලෙස ඊශ්‍රායල් රැකියා ලබාගැනීම සදහා කිසියම් බාහිර පාර්ශවයකට මුදල් ලබාදී ඇති බව තහවුරු වුවහොත් ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය සියලුම පියවර ගැනීමට එරට පීබා ආයතනය සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණ තිබෙන බවද විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරයි.
තමන්ගේ හෝ තමන්ගේ කාර්ය මණ්ඩලයේ නම භාවිත කරමින් කිසියම් පුද්ගලයෙක් ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් කිරීමට කටයුතු කරන්නේ නම් එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර අමාත්‍යංශයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදී තිබේ.
අමාත්‍යංශය පෙන්වාදෙන්නේ ඊශ්‍රායල් රැකියා සදහා අයකරනු ලබන්නේ, රජයේ අනුමත ගාස්තු පමණක් වන අතර එය අය කිරීමටද අවසර ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණක් බවයි.
එසේ නොමැතිව කිසිදු බාහිර පුද්ගලයෙක්ට හෝ ආයතනයකට ඒ සදහා මුදල් එක් කිරීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart