Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින්, මීට පෙර බදුවලින් නිදහස් කර තිබූ භාණ්ඩ 138න් 97ක් සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) පනවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී වැට් බදු සංශෝධන පිළිබඳ විවාදය ආරම්භ කරමින් රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේ, වැඩිවන කෙටි පණිවුඩ සංඛ්‍යාව සැළකිල්ලට ගෙන ස්ථාවර දුරකථන ජාලවල කෙටි පණිවිඩ සේවාව (SMS) ද වැට් බද්දට යටත් කරන බවයි.
කෙසේවෙතත්, ඖෂධ, ආබාධිත පුද්ගලයන් භාවිත කරන උපකරණ, සහල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, දියර කිරි සහ ‘සුවසැරිය’ ගිලන් රථ සේවාව වැට් බද්දට යටත් නොවන බවට රාජ්‍ය අඇමැතිවරයා සහතික විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සියඹලාපිටිය ඇමැතිවරයා කියාසිටියේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කිරීමෙන් පසු රජයේ ආදායමේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.
ආදායම ඉහළ නංවාගැනීමෙන්, රජය විසින් දැනට පවතින ඩොලර් බිලියන 3.8 සිට අවම වශයෙන් ඩොලර් බිලියන 5-6 දක්වා සංචිත වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි.
“එය සිදු වූ විට,රුපියල ඉහළයනු ඇති අතර භාණ්ඩවල මිල පහළ යනු ඇති.” යනුවෙන් ඔහු පෙන්වාදෙයි.
වැට් (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (දෙසැ.10) පෙරවරුවේ ආරම්භ විය.
2024 ජනවාරි 01 වැනිදා සිට වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීමට ඔක්තෝබර් මාසයේදී ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදුන්නේය.
මීට අමතරව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වූ පරිදි බදු ආදායම සහ ප්‍රාථමික ශේෂ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා නව බදු යෝජනා කිහිපයක් 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කෙරේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ බදු එකතු කිරීමේ ඉලක්ක තවමත් ඉටු වී නොමැති බව නිරීක්ෂණය කිරීමෙන් පසු රජය මෙම තීරණය ගෙන ඇත.
රාජ්‍ය මූල්‍ය ස්ථායිතාව සඳහා පසුගිය වසරේ ජුනි මාසයේ සිට විවිධ බදු මත පදනම් වූ වැඩි කිරීම් සහ සංවර්ධන බදු ප්‍රතිපත්ති යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් පසු 2023 වසරේ මුල් මාස නවයේ රාජ්‍ය බදු ආදායම 2022 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 51% කින් ඉහළ ගිය බව රජය මීට පෙර සඳහන් කළේය.
මේ අතර, වැට් බද්ද 18% දක්වා යෝජිත වැඩිකිරීම පිළිබඳ අදහස් දක්වමින් මෙම පියවර තවදුරටත් පරිභෝජනය පහත වැටීමට හේතු විය හැකි බවට කණස්සල්ල පළ කරමින් ලංකා වාණිජ මණ්ඩලය අනතුරු අඟවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart