Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක ගුවන් තොටුපොළේ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10ක් වටිනා ‘කුෂ්’ නමැති ගංජා තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ සිට ඩුබායි වෙත රැගෙනවිත්, එතැන් සිට ඉකුත් නොවැම්බර් 14 වැනිදා පස්වරු 02.40 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් ඇත.
මේ පිළිබඳ තොරතුරු බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන්ට වාර්තා වී තිබූ අතර, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවයේ නිරත පොලිස් නිල සුනඛයන් ද සහභාගි කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම ගමන් මලු තුළ ‘කුෂ් ‘ ගංජා කිලෝ ග්‍රෑම් 19යි ග්‍රෑම් 588ක් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙක් පවසයි.
මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ද පැමිණ නිරීක්ෂණ කටයුතු සිදුකර තිබේ.
මෙම ‘කුෂ්’ ගංජා තොගය සම්බන්ධයෙන් කිසිවකුත් මේ වන විට අත්අඩංගුවට ගෙන නැත.
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart