Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සජීව විකාශයක් අතරතුර බීබීසී ප්‍රවෘත්ති නිවේදිකාවක විසින් සිය අතෙහි මැද ඇඟිල්ල පෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.
බීබීසී බ්‍රිතාන්‍ය ජාලයේ ප්‍රධාන නිවේදිකාව වන මේරියම් මොෂිරි පැවසුවේ “කණ්ඩායම සමඟ විහිළු කළ” අවස්ථාවේ ඇය තම මැද ඇඟිල්ල දිගු කළ විට එය විකාශය වී ඇති බවයි.
මොෂිරි අභිනය කරන ආකාරය පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍යවල බොහෝදෙනෙකු වසින් බෙදාගෙන ඇති අතර, එක් වීඩියෝවක් 700,000කට වැඩි නැරඹුම් ප්‍රමාණයක් ලබා තිබේ.
එහි දක්නට ලැබෙන්නේ විකාශයට අදාළ වීඩියෝවේ ගණන් කිරීම සහ මොෂිරි විකාශන මැදිරියේ මේසයේ රැඳී සිටින අයුරුයි.
ඇය ඉක්මනින් අභිනය කරන අතර පසුව හිටපු අගමැති බොරිස් ජොන්සන් පිළිබඳ පළමු සිරස්තලය කිසිදු වෙනසකින් තොරව ඇය ඉදිරිපත් කරයි.
X සාමාජ මාධ්‍ය ඔස්සේ මොෂිරි පැවසුවේ මැදිරියට යොමුවීමට පෙර අධ්‍යක්ෂවරයා 10 සිට ගණන් කරන විට ඇය ගණන් කිරීමට මවාපාමින් සිටි බවයි.
ඇයට අනුව ඇය ඇඟිලි 10 ඉහළට ගෙන ඒවා ගණන්කර තිබේ.
ගණන් කිරීම එකකට ළඟා වූ විට, ඇය “විහිළුවකට” මෙන් ඇගේ මැද ඇඟිල්ල හරවාගෙන ඇති අතර මෙය කැමරාවට හසු වන බව නොදැන සිටි බව ඇය සඳහන් කරයි.
“එය කණ්ඩායම සමඟ කළ පෞද්ගලික විහිළුවක් වන අතර එය විකාශය වීම ගැන මට කණගාටුයි! මෙය සිදුවීම මගේ අරමුණ නොවීය. මා නිසා කිසිවෙකුගේ සිත් රිදවීමක් වූවා නම් මට කණගාටුයි,” ඇය සටහන් කර තිබේ.
“මම ඇත්තටම නරඹන්නන් දෙසට හෝ පුද්ගලයෙකු දෙසට මැද ඇඟිල්ල පෙන්වා අපහාස කළා නොවේ. එය මගේ සහකරුවන් සුළු පිරිසකට අදහස් කළ මෝඩ විහිළුවක්” යැයි ඇය සටහන් කර තිබුණේ බොහෝ විට අපහසුතාවට පත්වූ බව හඟවන හිසට අත තබා සිටින ඉමොජියක් ද ඇතුළත් කරමිනි.
බීබීසී ප්‍රවෘත්ති සේවය මේ සම්බන්ධයෙන් අමතර අදහස් දැක්වීමක් කර නැත.
තිදරු මවක් වන මොෂිරි, පෙබරවාරි මාසයේදී බීබීසීය සිය ප්‍රවෘත්ති නාලිකා දෙක ඒකාබද්ධ කළ විට, නාලිකාවේ ප්‍රධාන ඉදිරිපත් කරන්නන්ගෙන් කෙනෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
X හි ඇයගේ සමාව අයැදීමේ සටහන පැය කිහිපයක් තුළ මිලියන 2.1ක් නැරඹීම් සහ අදහස් 3,000කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත් අතර කිහිපදෙනෙකු එය විහිළුවක් පමණක් බව ඔවුන්ට වැටහී ඇති බව පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart