Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි අවස්ථාවලදී දරුවන් ඇතුළු අනෙකුත් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාර වන ඔක්සිජන් ජනන යන්ත්‍ර සහ නව උපකරණ යුනිසෙෆ් ආයතනයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී තිබේ.
කැනඩාවෙන් අරමුදල් ලබා ගනිමින් යුනිසෙෆ් ආයතනය රුපියල් මිලියන 800ක වියදමින් අවිස්සාවේල්ල, කෑගල්ල, තිස්සමහාරාම සහ උඩුගම මූලික රෝහල්වල ප්‍රධාන ඔක්සිජන් බලාගාර හතරක් ස්ථාපනය කර ඇති අතර,ඔක්සිජන් නිපදවා සිලින්ඩර 30ක් භාවිතයෙන් රටපුරා අනෙකුත් සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම සිදු කෙරේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මූලික රෝහලේදී සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ , යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස් එරික් වෝල්ෂ් යන පිරිසගේ සහභාගීත්වයෙන් උපකරණ භාරදීමේ උත්සවයක් පැවැත්වුණු බව යුනිසෙෆ් සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මිලියන තුනකට අධික පිරිසකට ප්රතිලාභ සැලසෙන මෙම ව්‍යාපෘතිය, විශේෂයෙන් හදිසි අවස්ථාවලදී මාතෘ සහ ළමා ආරක්ෂණ පහසුකම් සඳහා නිරන්තර ඔක්සිජන් සැපයීම වෙනුවෙන් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා යුනිසෙෆ්හි පුළුල් සහයෝගයේ කොටසකි.
“ඉතාම තීරණාත්මක කාලවලදී ළමයින්ට සහ පවුල්වලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ප්රවේශවීමේ ගැටලු ජීවිතය සහ මරණය පිළිබඳ ප්‍රශ්නයක් විය හැකියි,” යනුවෙන් ශ්‍රී ලංකාව සඳහා වන යුනිසෙෆ් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් පැවසීය.
“යුනිසෙෆ් ආධාරය හරහා, සංකීර්ණ දරු ප්‍රසූතියේදී අලුත උපන් බිළිඳුන්ට සහ ඔවුන්ගේ මව්වරුන්ට මෙන්ම නියුමෝනියාවෙන් පෙළෙන දරුවන් ඇතුළුව නේවාසික රෝගීන්ට සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අඛණ්ඩ වෛද්‍ය ඔක්සිජන් සැපයීම සඳහා මෙම රෝහල්වලට ඒකාබද්ධ පද්ධතියක් හිමිවනවා”යැයි ද ඔහු පැවසීය.
සෑම ඔක්සිජන් බලාගාරයකටම පැයකට ඔක්සිජන් ලීටර් 20,000ක් නිපදවිය හැකි අතර පැය 24ක කාලයකදී ලීටර් 50ක සිලින්ඩර 50ක් පිරවිය හැකිය.
විදුලිය ඇනහිටීම්වලදී පවා ඔක්සිජන් බලාගාර ක්‍රියාකාරීව පැවතිය හැකි වන පරිදි බලශක්ති උත්පාදක යන්ත්‍ර ස්ථාපනය කිරීමට ද යුනිසෙෆ් සහාය විය.
විවිධ හවුල්කරුවන්ගේ දායකත්වය ඇතිව, විශේෂයෙන් හදිසි අවස්ථාවලදී රට පුරා සිටින ළමුන්ගේ සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සඳහා යුනිසෙෆ් දිගු කලක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයට සහයෝගය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart