Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගිලන්වූ භික්ෂූන් වහන්සේලා 68 නමක් වැඩසිටින හංවැල්ල කළුඅග්ගල ගිරාඉඹුල පිහිටි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලිය විසන්ධි කිරීම නිසා සති දෙකක පමණ කාලයක් තිස්සේ එහි භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවට පත්ව ඇත.
විදුලිය නොමැතිව ගතවූ සතිදෙක ඇතුළත ගිලන්න් භික්ෂූන් වහන්සේලා තුන්නමක් අපවත් වූ අතර උන් වහන්සේලාගේ අවසන් කටයුතු කිරීමට සිදුවූයේ කළුවරේ දැඩි අපහසුතාවයකින් බව ද එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිලසිරි හිමියෝ පවසති.
මාස තුනක රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසක පමණ මුදලක් නොගෙවීම නිසා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ විදුලිය විසන්ධි කළ බව ද අමිලසිරි හිමියෝ සඳහන් කරති.
විදුලිය නොමැති නිසා ගිලන් භික්ෂු මධ්‍යස්ථානයට ජල පහසුකම පවා ලබාගැනීම අපහසු බවද උන්වහන්සේ පවසති.
රටේ පවතින ආර්ථික තත්ත්වය නිසා දානමානාදිය නොලැබෙන අතර භික්ෂුන් වහන්සේලාගේ අවමංගල්‍ය කටයුතු පවා සිදුකිරීමට මිනී පෙට්ටියක් පවා මිලදීගත නොහැකි වී ඇතැයිද උන්වහන්සේ පැවසූහ.
මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලිබිල ගෙවාගැනීමටත් දානමානාදියටත් උපකාර කරන්නැයි දානපතියන්ගෙන් ඉල්ලා සිටින බව ද අමිලසිරි හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නොයෙල් ප්‍රියන්තගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ, රුපියල් එක්ලක්ෂ හැත්තෑපන් දහසක් පමණ වනතුරුත් විදුලිබිල නොගෙවීම නිසා භික්ෂු ගිලානොපස්ථානයේ විදුලිය විසන්ධි කර ඇති බවයි.
වසර කිහිපයකට පෙර ආගමික ස්ථානවලට යම් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ නමුත් සියලුමදෙනා එක සමානව සළකා රාජකාරි කටයුතු කරන ලෙස මහජන උපයෝගිත කොමිසම විදුලිබල මණ්ඩලය දැනුවත් කළ බව ද ඔහු පවසයි.
ඒ අනුව, කළුඅග්ගල මාපිය අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලි බිල නොගෙවීම සම්බන්ධයෙන් හත් අටවරක්ම දැනුවත් කිරීමට අවිස්සාවේල්ල විදුලි ඉංජිනේරුවරයා කටයුතු කර ඇති බවත්, නමුත් එය නොගෙවීම නිසා විදුලිය විසන්ධි කළ බවත්, ඔහු සඳහන් කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart