December 7, 2023

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ යාත්‍රාවක් සහ චීන යුද නෞකාවක් අතර ඇති වූ “අනාරක්ෂිත සහ වෘත්තීය නොවන” අන්තර්ක්‍රියාකාරිත්වයකින් ඕස්ට්‍රේලියානු හමුදා කිමිදුම්කරුවන් තුවාල ලැබීමෙන් පසු ඒ පිළිබඳ චීනයට බරපතළ කණස්සල්ල පළකළ බව ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමැති රිචඩ් මාල්ස් පැවසුවේ, HMAS Toowoomba නම් දිගු දුර යාත්‍රාව නොවැම්බර් 14 වැනි දින ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයේ මසුන් ඇල්ලීමේ දැල් ඉවත් කිරීම සඳහා කිමිදුම් මෙහෙයුමක් සිදුකරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි.

“කිමිදුම් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර චීනයට අයත් PLA-N ඩිස්ට්‍රෝයර් යාත්‍රාව HMAS Toowoombaහි මග හරස් කර තිබෙනවා ” චීන නාවික හමුදාවේ නෞකාවක් ගැන සඳහන් කරමින් මාල්ස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේය.

ඕස්ට්‍රේලියානු යාත්‍රාව කිමිදුම් මෙහෙයුම පිළිබඳව චීන යුද නෞකාවට දන්වා එය පැහැදිලිව තබාගන්නා ලෙස ඉල්ලා සිටියද, අදාළ යාත්‍රාව “වඩා සමීප දුරකින්” ළඟා වූ බව ඔහු පැවසීය.

“ඉක්බිතිව, එම මුහුදු සීමාවෙන් පිටවීමට බලකෙරුණු ඕස්ට්‍රේලියානු කිමිදුම්කරුවන්ගේ ආරක්ෂාවට අවදානමක් ඇති වන පරිදි එහි බඳෙහි සවිකර ඇති සෝනාර් ක්‍රියාත්මක කර ඇති බවද අනාවරණය විය.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

එම හැසිරීම “අනාරක්ෂිත සහ වෘත්තීය නොවන” බව මාර්ල්ස් පැවසීය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීමකට ඕස්ට්‍රේලියාවේ චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා නැත.