December 7, 2023

නීති විද්‍යාලය සඳහා රජයට අයත් ඉඩමක් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් ඉහළ නැංවීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

නීති විද්‍යාලයේ පහසුකම් කඩිනමින් ඉහළ නැංවීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා අදාළ සියලු බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මූලික අදියරේදී පර්චස් 40ක ඉඩමක් වෙන්කරනු ලබන අතර, ඉතිරි කොටස අධිකරණ අමාත්‍යංශයේ උපදේශනයෙන් අනතුරුව විස්තීරණ සැලැස්මේ දක්වා ඇති අවශ්‍යතා අනුව ලබාදෙනු ඇත.

42.31%
17.27%
32.76%