Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනයනික ටයිල් මත පනවා ඇති තීරුබදු තවදුරටත් වැඩිකරන ලෙස එක් පාර්ශ්වයක් විසින් ඉල්ලා සිටීම මිලියන 22ක ජනතාවගේ ඉදිකිරීම් සිහිනයට පහර ගැසීමක් බවත්, පුද්ගලයන් දෙදෙනකුගේ අභිලාශයන් වෙනුවෙන් ජනතාවගේ එම සිහිනයන් කඩාබිඳ නොදමන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ශමීන්ද්‍ර ගුණසේකර සහ එහි නිලධාරීන් කොළඹදී පැවැත්වූ ජනමාධ්‍ය හමුවේ දී එම කරුණු සඳහන් කළේය.
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බවත්, එම සීමා ලිහිල් කිරීම පිළිබඳව රජයට සිය ප්‍රණාමය පුදකර සිටින බවත්, එම සංගමය පවසයි.
එහෙත් එම භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු නැවත තවදුරටත් වැඩි කරන ලෙස ඉල්ලා සිටීම හුදු ආත්මාර්ථකාමී ඉල්ලීමක් බවත්, රජය එම ඉල්ලීම ඉටුකළහොත් සිදුවන්නේ එම භාණ්ඩවල මිල යළි ඉහළ යෑම බවත්, එහි ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර පවසයි.
ආනයන සීමා ලිහිල්කිරීම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතිවී තිබුණු පිබිදීමට එමගින් යළි පහර වැදීමට ඉඩ ඇති බව ද ඔහු සඳහන් කළේය.
මෙම ක්ෂේත්‍රය සඳහා තවදුරටත් බදු පැනවීමක් සිදුකළහොත් ටයිල් කැටයක මිල යළිත් රුපියල් 100කින් ඉහළ යන බව හෙතෙම පෙන්වාදුන්නේය.
”අඩි දෙකේ දෙකේ ටයිල් කැටයක් ලංකාවට එන්නේ රුපියල් 450ට. තව රුපියල් 550ක් අපි බදු වෙනුවෙන් වෙන්කරනවා. ඉතින් ඇයි තවත් වැඩිකරන්නේ. ඔය කියන දේශීය නිෂ්පාදකයෝ ආනයන සීමාකිරීම් පැවති කාලයේ ටයිල් කැටේ මිල රුපියල් 425 සිට රුපියල් 2100 දක්වා වැඩි කළා. ඒගොල්ලෝ ඒ කාලෙ අධික ලාභ ලැබුවා. අපි දැනටත් සියයට 115ක් බදු ගෙවනවා. ඉතින් තවත් මොකටද බදු”(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart