December 6, 2023

ගල්කිස්ස මහෙස්ත්‍රාත් කෝසල සේනාධීරට කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කර තිබේ.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවක නඩු ගොනුවක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මෙම නියෝගය නිකුත් කර තිබේ.

මාර්ග බාධක රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියකු රිය අනතුරකට ලක්කර මරණයට පත්කළ බවට චෝදනා කරමින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධ කල්ලි සාමාජික වෙලේ සුදා නමැත්තාගේ බාල සොහොයුරාට එරෙහිව අදාළ නඩුව පවරා ඇති බව පැවැසේ.

විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩුවේ නඩු ගොනුවක් මෙලෙස අතුරුදන්වී ඇති බවට ඔක්තෝබර් මස 13 වැනිදා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා විසින් මහාධිකරණය වෙත දැනුම්දී තිබුණි.

හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනාගැනීමට අදාළ සටහන්වලට අදාළ පිටපත් මෙන්ම සිතාසිය ද ඉදිරිපත් කළ යුතු වුවත් ඒවා මේ වනවිට අස්ථානගතවී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළව අප්‍රේල් මස 02 වැනිදා විනිසුරුවරයාට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න නියෝග කර ඇත.

42.31%
17.27%
32.76%