December 6, 2023

දිඹුලාගලින් සොයාගත් මෙරට මෙතෙක් හමුවූ විශාලතම තනි ශිලා ලිපිය පිටපත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි ඇති සංකේත සහ අනෙකුත් කොටස් පිටපත් කළ පසු ඊට අදාළ ලිපි ලේඛන පුරාණ ග්‍රන්ථ කියවීමේ ප්‍රවීණයෙකු වන මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි වෙත යොමුකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ පවසා ඇත.

මීට අමතරව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනකු ද මෙම ක්‍රියාවලියට සම්බන්ධවීමට නියමිතය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ සඳහන් කර ඇත්තේ, සති දෙකක් ඇතුළත ශිලා ලිපිය කියවා තේරුම් ගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමු වූ විශාලතම ශිලා ලිපිය පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියෙන් සොයාගන්නා ලදී.

ශිලා ලිපිය අඩි 45 ක් පමණ දිග සහ අඩි 18 ක් උස වන අතර, එය ක්‍රිස්තු පූර්ව 01 සහ 02 අතර කාලයේ නිර්මාණය කර ඇති බවට විශ්වාස කෙරේ.

විද්වතුන් පවසන්නේ, ශිලා ලිපියේ ඇති අක්ෂර සහ සංකේත මුල් බ්‍රාහ්මී අක්ෂරවලට අයත් ඒවා බවයි.

42.31%
17.27%
32.76%