Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් යන යන දෙදෙනාම, පෙරේදා විනිසුරුවරයකු පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති විය.
තමන් එක්තරා විනිසුරුවරයකුට අපහාස කළ බවට ඇමැති විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් කියාසිටියේ තමන් කිසිඳු නමක් සඳහන් කර නොමැති බවයි.
“රාජපක්ෂ ඇමැතිවරයා කිව්වා මම පහුගිය දවසක එක්තරා විනිසුරුවරයකුට ශාප කළා කියලා. මා කිසිවිටෙක කිසිවෙකුට ශාප නොකළ බවත් ඊට අමතරව විනිසුරුවරයෙකුගේ නමක් සඳහන් නොකළ බවත් පැවසිය යුතුයි. ඒ වගේම රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා විනිසුරුවරයකුට එරෙහිව ප්‍රකාශයක් කළාට ඇමැතිවරයා කිසිම අවස්ථාවක විරුද්ධ වුණේ නැහැ.”
ඊට ප්‍රතිචාර දැක්වූ ඇමැතිවරයා කියාසිටියේ බදියුදීන් මන්ත්‍රීවරයා ‘මුස්ලිම් විනිසුරුවරයකු’ යන වචනය භාවිත කිරීමේදී නිසැකවම අදාළ විනිසුරුවරයකු ගැන සඳහන් කළ බවයි.
”ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉවත් කිරීමට ගෙන ආ යෝජනාව පිළිබඳ විවාදයේදී මුළු පාර්ලිමේන්තුවම රණසිංහ ඇමැතිවරයාව විවේචනය කළ බව මම මන්ත්‍රීවරයාට මතක් කළ යුතුයි.” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart