December 5, 2023

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් දේශීය වශයෙන් එකලස් කරනු ලබන ඉලෙක්ට්‍රික් බස් රථ එළඹෙන 2024 වසරේ මාර්තු මාසය වන විට ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර තිබේ.

මූලික අදියරේ දී බස් රථ 05 ක් මගී ප්‍රවාහනය සඳහා එක්කිරීමට නියමිත බව එම සමාගම සඳහන් කරයි.

දේශීය ශ්‍රමිකයන්ගේ සහභාගීත්වයෙන් සහ දේශීය අගය එකතු කිරීම් සහිතව එකලස් වන මෙම බස් රථයකට, එක් ආරෝපණයකින් අනතුරුව කිලෝමීටර 300 ක දුරක් ධාවනය කිරීමට හැකි බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%