Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ සභාපතිත්වයෙන් 2023.11.29 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්විය.
එදින කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ (CRIB) සහ ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන් පිරිසක් කැඳවා තිබිණි.
මෙහිදී තම ආයතනයේ කාර්ය භාර්ය පැහැදිලි කළ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නිලධාරීහු, තම ආයතනය විසින් පුද්ගලයන්ගේ හා ආයතනවල මූල්‍ය කටයුතු සිදුවී ඇති ආකාරය ගැන තොරතුරු පමණක් නිකුත් කිරීමට කටයුතු කරන බව පැවසීය.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය මගින් මේ වනවිට මෙරට බැංකු හා මුල්‍ය පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට දක්වන සේවය සභාපතිවරයාගේ පැසසුමට ලක් විය.
කෙසේවෙතත්, බංකොලොත්භාවයට හෝ ණය පියවීමට නොහැකි ආයතන සහ පුද්ගලයන්ට බැංකු මගින් ණය අනුමත කිරීම වැළැක්වීමට වහාම ක්‍රියාමාර්ග ගතයුතු බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මහජන මුදල් එලෙස නාස්ති කිරීමට ඉඩ ලබාදීම කිසිසේත් සිදුකළ නොහැක්කක් බව පෙන්වාදුන් සභාපතිවරයා ආයතන සහ පුද්ගලයන්ට ණය අනුමත කිරීමේදී ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදීමට අමතරව, ශ්‍රේණිගතකිරීම් අතුලත් වාර්තාවක් (Rating Report) ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට නිර්දේශ ලබා දුන්නේය.
ඒ සඳහා පනත සංශෝධනය කරමින් හැකි ඉක්මණින් කටයුතු කරන ලෙසත් ව්‍යවස්ථාදායක ඒ සඳහා අවශ්‍ය සම්පුර්ණ සහාය ලබාදීමට බැඳී සිටින බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
මෙහිදී කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීහු මහජනතාව තුළ ඔවුන්ගේ ආයතනය පිළිබඳව (CRIB) නිවැරදි අවබෝධයක් නොමැති බව පෙන්වාදුන්හ.
ඒ සඳහා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ක්‍රියාවලිය පිළිබඳව පුළුල් ලෙස මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
ඉදිරියේදී CRIB යන යෙදුම වෙනස් කිරීමටද අවධානය යොමුව ඇති බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart