Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්රණයක් සම්බන්ධයෙන් සඳුදා (දෙසැ 04) අභියාචනාධිකරණයට දැනුම් දුන් බව වාර්තා වේ.
වාර්තා වන අන්දමට ශානි අබේසේකර රිය අනතුරකින් ඝාතනය කිරීමේ කුමන්ත්රණයකට අදාළ තොරතුරු රාජ්ය බුද්ධි සේවය විසින් අනාවරණය කරගෙන ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබිණි.
ජීවිත තර්ජන හේතුවෙන් තමාට ප්රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට දන්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශානි අබේසේකර ගොනුකළ රිට් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී මේ බව අධිකරණයට දැනුම්දී ඇත.
නීතිපතිවරයාගේ ප්රකාශය අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරුවරුන් ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල වෙත ඉදිරිපත් කර ඇත.
ශානි අබේසේකරට එල්ල වී ඇති තර්ජනවල ස්වභාවය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසට අධිකරණය මීට පෙර වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂක අධිකාරියට නියෝගයක් නිකුත් කර තිබිණි.
ශානි අබේසේකරට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරැකීමේ අධිකාරියේ වාර්තාව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේය.
ශානි අබේසේකරගේ ජීවිතයට තර්ජන ඇති බව එම වාර්තාවෙන් තහවුරු වූ අතර, රිය අනතුරකින් ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්රණය පිළිබඳ තොරතුරු ද හෙළිදරව් විය.
ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා වෙන්කර ඇත්තේ පැරණි යතුරුපැදියක් සහ පොලිස් නිලධාරීන් තිදෙනකු පමණක් බව පෙන්වා දුන් ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා, අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට මේ වනවිට ප්රමාණවත් ආරක්ෂාවක් සපයා නොමැති බවයි.
පෙත්සම්කරුට ප්රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරැකීමේ අධිකාරිය පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබුණද එය මෙතෙක් ඉටු වී නොමැති බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා නඩුව දෙසැම්බර් 14 වැනිදා කැඳවීමට නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart