Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
පසුගියදා පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍යංශයේ අයවැය සඳහා 2023 වර්ෂයේ ප්‍රගතිය හා 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණ.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවෙකුටම අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලෙසන බව අධ්‍යාපන බලධාරීහු පැවසූහ.
ඒ අනුව පෙර පාසැල් අධ්‍යපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6- 8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වා ලෙස වර්ගීකරණය කර ඇත.
පහ ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර අති අතර, පහ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරඟකාරිත්වය නැති කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශ යෝජනා කර ඇත.
එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපන අමත්‍යාංශය යෝජනා කර ඇත. එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමටද තීරණය කර ඇත. එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.
වසරකදී සාමාන්‍ය පෙළ විභාගයෙන් අසූ දහසකට (80,000) අධික සිසුන් සංඛ්‍යාවක් අසමත් වන බව පෙන්වාදුන් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් කිසිදු දරුවකු අසමත් නොවන බවත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දීමට ද යෝජනා කර ඇත.
ඒ වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යනය හා වෘත්තීය අධ්‍යනය ලෙස ඛාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකුටම උපාධියක් ලබාගැනීම දක්වා මාර්ගයක් සකස් කර ඇත.
ශාස්ත්‍රීය අධ්‍යනය යටතේ දැනට පවතින විෂය අංශයන් 6 සිට 8 දක්වා වැඩි කරමින් නව විෂය අංශ දෙකක් එක්කොට ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන ලදී.
එමෙන්ම ප්‍රයෝගික අධ්‍යනය යටතේ විෂය අංශයන් 10ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම අවස්ථාව ලබෙන බවත් ඒ ඔස්සේ උපාධි නොවන ක්ෂේත්‍ර ඔස්සේ යමින් උපාධි ලබාගැනීමේ අවස්ථාව දරුවන්ට ලැබෙන බවද එම අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසුහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart