December 5, 2023

මුදල් ඉපයීම සඳහා තම 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමට උත්සාහ කළ පුද්ගලයකු ඔහුගේ බිරිඳ විසින් කපා කොටා ඝාතනය කර තිබේ.

මියගිය තල්විට සුරංග ප්‍රදීප් කුමාර (37) කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපස්ථායකවරයෙකි.

ඔහු 14 හැවිරිදි දියණියකගේ සහ 08 හැවිරිදි පුතෙකුගේ පියෙකි.

මොහු විසින් යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කර ඇති බවත් එය ජනප්‍රිය කිරීම සඳහා තරුණියන්ගේ නිරුවත් ඡායාරූප එකතු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

නානකාමරයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී බිරිඳ ඔහුගේ දෑසට මිරිස් කුඩු දමා පසුව කපා කොටා ඝාතනය කර ඇත.

සැමියා තම එකම දියණියගේ නිරුවත් ඡායාරූප යූ ටියුබ් නාලිකාවට ලබාගැනීමට වරින් වර උත්සාහ කළ බවත්, ඇය එය වැළැක්වූ බවත්, එමනිසා පවුල් ආරවුල් සහ පහරදීම් වරින්වර ඇතිවූ බවත්, ඇය පොලිසියට පවසා ඇත.

ඔහු ඇයව සහ ඇගේ පුත්‍රයා දොරගුළු දමා වසා දමා දොර වසා දියණිය රැගෙන ගොස් ඇයගේ නිරුවත් ඡායාරූප ගැනීමට උත්සාහ කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් බිරිඳ නිවසට ඇතුළු වී ඔහුගේ දෑසට මිරිස් කුඩු ගසා කඩුවකින් පහර දී දියණිය බේරාගෙන ඇත.

පහරකෑමට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

ඇගලුම් සේවිකාවක වන සැකකාර කාන්තාව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

42.31%
17.27%
32.76%