December 4, 2023

ලබන 08 වැනිදා ඩුබායි හිදී ආරම්භ වන වයස අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර ති⁣බේ.

15දෙනකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධනට හිමිව ඇති අතර, උපනායකත්වයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මල්ෂ තරුපති පත්කර ඇති බව ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ලබන 09වැනිදා ජපානය සමග පැවැත්වේ.