December 4, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදුන් මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ගොනුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ශ්‍රී ලංකාවේ අනෙකුත් විවිධ ක්‍රීඩා සංවර්ධනය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට මෙම මුදල් ලබාදී ඇති බවයි.

හිටපු ක්‍රීඩා ඇමැති මන්ත්‍රී රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වෙන්කර ඇති මුදල් අපේක්ෂිත අරමුණු සඳහා යෙදවීම පිළිබඳව නිසි පරිදි අනාවරණය නොකිරීම හේතුවෙන් මෙම පැමිණිල්ල ගොනුකිරීමට තීරණය කර ඇත.

හිටපු ඇමැතිවරයා ජනමාධ්‍ය වෙත හෙළි කළ තොරතුරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) අයදුම්පතක් යටතේ ලැබී ඇති ප්‍රතිචාරය අතර ඇති පැහැදිලි විෂමතාවයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවේදනයේ සඳහන් වේ.

මූල්‍ය ගනුදෙනුවල අඛණ්ඩතාව පවත්වා ගැනීමේ වැදගත්කම සහ ඒවා නම් කරන ලද අරමුණු සඳහා අරමුදල් යෙදවීම සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අල්ලස් කොමිසමට ගොනුකර ඇති පැමිණිල්ලෙන් සිය කැපවීම පෙන්නුම් කරන බවද අවධාරණය කර තිබේ.