Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හට සේවය ලබාදෙන ඇතැම් නීතීඥයන් ඔහුගේ නඩුවක් විභාග කරමින් සිටි විනිසුරුවරයකුට අනිසි බලපෑම් එල්ල කර ඇති බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.
“අවසානයේ විල්පත්තු නඩුව විභාග කරමින් සිටි විනිසුරු නවාස්ට බදියුදීන් මන්ත්‍රීවරයාගේ නීතිඥයන් බලපෑම් කර තිබෙනවා. විල්පත්තු නඩුවේ මන්ත්‍රීවරයා වෙනුවෙන් සිටි නීතීඥයකු ළඟ සේවය කළ කනිෂ්ඨයා විනිසුරු නවාස්ට දුරකථනයෙන් කතාකර ඔහුගේ ජ්‍යෙෂ්ඨයා ඔහු සමඟ කතාකිරීමට අවශ්‍ය බව දන්වා තිබෙනවා. එවිට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විනිසුරුවරයා සමඟ කතාකර හැකි ඉක්මනින් නඩුව අවසන් කරන ලෙසට ඔහුට දන්වා තිබුණා.” යැයිද ඇමැති රාජපක්ෂ පැවැසීය.
“ජනක් සිල්වා, සම්යවර්ධන සහ ලසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන් නඩුව විභාගයට නොගෙන ඉන් ඉවත්වීමෙන් පසුව නවාස් විනිසුරුවරයා නඩු විභාගය භාරගෙන තිබුණා. කෝදාගොඩ විනිසුරුවරයා ඉවත්වීමට හේතුව හෙළිකිරීමට මට අවශ්‍ය නැහැ,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බදියුදීන් මන්ත්‍රීවරයා විනිසුරුවරයකුට බැනවැදීම කණගාටුවට කරුණක් බවද ඔහු කියාසිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් කියාසිටියේ තමන් හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart