Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය අංශයේ රෝහල්වලට ව්‍යාජ ඖෂධ ඇතුළුවීමට තුඩුදුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විනාශකාරී ‘වේගවත්’ හදිසි ප්‍රසම්පාදන යෝජනා ක්‍රමය පිළිබඳ තවත් ලේඛනගත සාක්ෂි මතු වී තිබේ.
ප්‍රධාන නිලධාරීන් අතර හුවමාරු වී ඇති ලිපිවලින් පෙනීගොස් ඇත්තේ මෙම සැලැස්ම පසුගිය වසරේ සැප්තැම්බර් මස මුල් භාගයේදී ක්‍රියාත්මක වූ බවයි.
එම මාසයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී ඉන්දීය ක්‍රෙඩිට් ලයින් (ICL) භාවිත කර පෞද්ගලික සැපයුම්කරුවන් හරහා ඖෂධ මිලදී ගැනීමට තීරණය කළ බවයි.
මිලදී ගැනීම ‘හදිසි ප්‍රසම්පාදන ක්‍රමයක්’ යටතේ සිදුවනු ඇති බවත් අපේක්ෂිත ඇණවුම් නොසළකා හැරිය යුතු බවත් එමගින් දැනුම්දී තිබේ.
මෙයින් අදහස් වන්නේ අවශ්‍ය තොග ඇති වුවද, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෝරාගත් සැපයුම්කරුවන්ට ඉන්දීය ක්‍රෙඩිට් ලයින් යටතේ අමතර කොන්ත්‍රාත්තු ලබාදෙන බවයි.
එම නව ක්‍රමය ජාතික ඖෂධ නියාමන ක්‍රියාවලිය මග හරිමින්, සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ සැපයුම්කරුවන්ට අනවශ්‍ය දීමනා ලබාදීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ අනුදැනුම ඇතිව කුඩා නිලධාරීන් සමූහයක් හරහා සිදු කිරීමට සැලසුම් වී තිබී ඇත.(sundaytimes.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart