Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජනපදය කනස්සල්ල පළකර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් 10දෙනකු පසුගිය සතියේ මඩකලපුවේදී අත්අඩංගුවට ගත් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමානික්කම් පවසා ඇත.
යුද්ධයේදී මියගිය දෙමළ ජනතාව සිහිකිරීමේ උත්සවයක් පැවැත්වීම හෝ ඊට සහභාගිවීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව මන්ත්‍රීවරයා පවසයි.
මේ අතර “මානව හිමිකම් බැඳීම් උල්ලංඝනය කරන සහ අවලංගු කරන නීතිය භාවිත කිරීම සම්බන්ධයෙන් රජය විසින් පොරොන්දු වූ තාවකාලික තහනමට පටහැනි වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මෑතදී සිදුකර තිබෙන අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අපි කනස්සල්ලට පත්ව සිටිමු” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.
යුරෝපා සංගමය පවසා ඇත්තේ, රජය ඔවුන්ගේ කැපවීම් අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම නැවැත්විය යුතු බවයි.
“අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීම ගැන සැළකිලිමත් වෙනවා. බලධාරීන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට සහ මානව හිමිකම් සම්මුතිවලට අනුකූලව නීති සම්පාදනය කළ යුතු අතර, ඒ අතරතුර ඔවුන්ගේ කැපවීම් අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම නැවැත්විය යුතුය, ”යනුවෙන් යුරෝපා සංගමය ට්විටර් (X )පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මානුෂීය ලෙස සැළකීම සහතික කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග්ද ප්‍රකාශ කර ඇත.
“සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීම සහ සිරගෙවල්වල සිටින රැඳවියන්ට සැළකීම ගැන අසන්නට ලැබීම වැදගත්. අත්අඩංගුවේ සිටින අයට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මානුෂීය ලෙස සැළකීම සහතික කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම රජය සිය අන්තර්ජාතික කැපවීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමට සහ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බැවින්, මූලික නිදහස ආරක්ෂා කළ යුතුයි.” යැයි ඇය ප්‍රකාශ කළාය.
එක්සත් රාජධානිය සහ කැනඩාව ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් සමාන අවධානයක් යොමුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart