Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරටුව එගොඩ උයන පොලිස් ස්ථානයේදී පොලිස් සැරයන්වරයකුගේ නිල ඇඳුමෙන් ඇද ඔහුට පහර දී තුවාල සිදුකළේ යැයි කියන තරුණියන් දෙදෙනකු එගොඩ උයන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එගොඩ උයන ප්‍රදේශයේම පදිංචි අවුරුදු 21 සහ 23 වයස්වල පසුවන තරුණියන් දෙදෙනෙකි.
මෙමෙ සිද්ධියට සම්බන්ධ බව පැවසෙන තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සොයන අතර, ඔහු ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එගොඩ උයන පොලිසියට බාරදී ඇත.
පෙරේදා රාත්රියේදී එම කාන්තාව බැලීමට අයගේ නෑදෑ හිතවතුන් පිරිසක් වරින්වර පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර, ඔවුන් අවසන් වරට පැමිණි අවස්ථාවේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයා ඔවුන්ට පොලිසියෙන් පිටව යන ලෙස දැනුම්දුන් බව ඔහු පවසයි.
එසේ අවවාද කිරීම නිසා කෝපයට පත්වූ බව කියන සැකකාරියන් දෙදෙනා සහ අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයා සැරයන්වරයාට පහර දී ඇතැයි පොලිසිය පවසයි.
එගොඩ උයන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart