Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයේ පසුගියදා පැවති මහාවීර් නාල්(මහවිරු) සැමරුමේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නියෝජ්‍ය නායකයා වූ මහේන්ද්‍රරාජා ගෝපාල්ස්වාමි හෙවත් ‘මහත්තයා’ නම් පුද්ගලයාගේ නම නල්ලූර් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරන ලද ‘විරු’ ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.
එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නියෝගය මත 1994 දෙසැම්බර් 28 වැනි දින ඝාතනයට ලක් වූ ‘මහත්තයා’ එම ලැයිස්තුවට ඇතුළත් කර නොමැති බව යාපනයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියාවේ ප්‍රමුඛතම බුද්ධි අංශ පර්යේෂණ හා විශ්ලේෂණ අංශයට (RAW) සේවය කිරීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ.ය විසින් වරදකරු බව තීරණය කිරීමෙන් පසු ඔහුව ඝාතනය කරන ලදී.
නම් 24,379 කින් සමන්විත ‘විරු’ ලැයිස්තුව එල්.ටී.ටී.ඊ.යේ අනුමැතියට යටත්ව තිබිය යුතු බවත්, එම නිසා කණ්ඩායමේ වරක් නියෝජ්‍ය නායකයාව සිටි මොහු ඉවත් කිරීමට තීරණය කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි.
මාස 16ක පමණ කාලයක් රඳවා තබාගැනීමෙන් පසු ‘මහත්තයා’ව මරණ දඬුවමට ලක්කර ඇතැයි විශ්වාස කෙරේ.
එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරන විට ඔහුගේ වයස අවුරුදු 38ක් පමණ විය.
ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ චෝදනා පත්‍රයකින් ඔහු ඉවත්වීමෙන් පසු එල්.ටී.ටී.ඊ.ය විමර්ශන ආරම්භ කරන්නට ඇතැයි විශ්වාස කරන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
එල්ටීටීඊය විසින් ගාන්ධි ඝාතනය කළේ 1991 මැයි 21 වැනි දින දකුණු ඉන්දියාවේ ශ්‍රී පෙරුම්බදූර්හි පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදීය.
එනම්, ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වලින් සිය හමුදාව ඉවත්කරගෙන වසරකටත් අඩු කාලයකට පසුවය.
‘වීර’ ලැයිස්තුවෙන් ඉවත් වූවන් අතර ගාන්ධි මරාගෙන මැරෙන ඝාතකයා වූ පුවනේශ්වරී රාජරත්නම් සහ සයනයිඩ් ලබාගත් තවත් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් දෙදෙන් සිටිති.
ඉන්දීය ආරක්ෂක අංශ මාස තුනක මෙහෙයුමකින් පසු කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර්හි ප්‍රදේශයේ ඔවුන්ගේ සැඟවුණු ස්ථානය 1991 අගෝස්තු 20 වැනි දින වටළන ලදී.
ඔවුන්ගෙන් එක් අයෙක් ගාන්ධි ඝාතනයේ මහමොළකරු වූ තනි ඇසක් ඇති සිවරාසන් ලෙස හඳුනාගන්නා ලදී.
යාපනයේ උඩුප්පිඩිහි උපත ලද පාක්‍යචන්ද්‍රන් චන්ද්‍රසේකරම්පිල්ලේ යන්න එක් ඇසක් ඇති එල්ටීටීඊ ක්‍රියාකාරිකයාගේ සැබෑ නම බව හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග පැවැසීය.
තවත් දහස් ගණනක් මෙන්ම චන්ද්‍රසේකරම්පිල්ලේ ප්‍රභාකරන්ට පක්ෂපාතීත්වය මාරුකිරීමට පෙර වෙනත් දෙමළ කණ්ඩායමක් වන ටෙලෝ (දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය)හි සාමාජිකයෙකු ලෙස 80 දශකයේ මුල් භාගයේදී ඉන්දියාවේදී හමුදා පුහුණුව ලබා ඇත.
ඉන්දීය සහ ශ්‍රී ලංකා ඔත්තු සේවාවලට සේවය කළ බවට සැකපිට ප්‍රභාකරන් ඔහුගේ මිනිසුන් විශාල ප්‍රමාණයක් මරාදැමීම නිසා ලැයිස්තුවෙන් ඉවත්කළ තවත් බොහෝ සෙබළුන් සිටිය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි.(Island)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart