December 1, 2023

ත්‍රිකුණාමලය වෙල්ගම්වෙහෙර ප්‍රදේශයේ විශාල වශයෙන් වන විනාශයක් සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.

යුද්ධය පැවැති වකවානුවේ පවා තම ගම්බිම් අත නොහැර සිටි ගම්වාසීන්ට ඉඩම් හිමිකම් ලබානොදී පෞද්ගලික සමාගමකට අක්කර තිහකට වැඩි භුමි ප්‍රමාණයක් ලබාදී ඇති බව පවසමින් මෙයට පෙරද ප්‍රදේශවාසීන් නිලධාරීන් දැනුවත් කළ අතර, එයට කිසිදු ප්‍රතිචාරයක් නොලද තැන මෙලෙස ප්‍රදේශවාසීන් තිදෙනකු මාරාන්තික උපවාසයක යෙදී සිටී.

මෙම අවස්ථාවට පැමිණි ‍ත්‍රිකුණාමලය නගර හා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ටී. ධනේශ්වර මෙම තත්ත්වය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත වහා දන්වන බව පැවසූවත් විසඳුම් ලැබෙනතුරු මාරාන්තික උපවාසය අත්නොහරින බව ප්‍රදේශවාසීහු පවසති.

42.31%
17.27%
32.76%