Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ ප්‍රකාශ කරමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ දිගින් දිගටම අධිකරණයට හා නීතිඥවරුන්ට අපහාස කරමින් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අභියාචනාධිකරණයේදී ඊයේ (30) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී දිගින් දිගටම එවැනි ප්‍රකාශ සිදුකිරීම මඟින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගත හැකි ද යන ප්රශ්නය අධිකරණය විසින් විසඳිය යුතුව ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකිරීමෙන් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අධිකරණයට අපහාස කර ඇති බවට පැමිණිලි කරමින් නීතිඥවරියක විසින් ගොනුකළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මැදිහත් පාර්ශ්ව පෙත්සම්කාර නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ලෆාර් තාහීර් සහ ඛේමා ස්වර්ණාධිපති යන ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.
එහිදී විත්තිකාර රොෂාන් රණසිංහ වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සඳහන් කළේ, මෙම පෙත්සම සම්බන්ධයෙන් සිය සේවාදායකයාට නොතීසි ලැබී නැති බවය.
මෙවැනි පෙත්සමක් ඇති බවත් එය අධිකරණය හමුවේ සලකා බලන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු පළවීම නිසා ඒ අනුව පෙරකලාසි ගොනුකරමින් අධිකරණය හමුවේ පෙනීසිටින බවත් හෙතෙම සඳහන් කළේය.
මෙහිදී පෙත්සම්කාර නීතිඥවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර සඳහන් කළේ, විත්තිකාර රොෂාන් රණසිංහ වෙත කුරියර් සේවාව මඟින් නොතීසි ලබාදීමට කටයුතු කළ බවය.
ඔහු එම ලිපිනයේ නොමැති බැවින් නොතීසි භාරගැනීම එහි සිටි ආරක්ෂක නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඒ ඔහු සඳහන් කළේය.
කෙසේවුව ද විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරයකු අධිකරණයේ පෙනී සිටින බැවින් අදාළ නොතීසි ලබාදීමකින් තොරව වුව ද සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කෙළේය.
මෙහිදී විත්තිකාර රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සඳහන් කළේ, නොතීසි ලබාදීමෙන් තොරව පෙත්සම සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීමට ජනාධිපති නීතිඥවරයා කරන ඉල්ලීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ විභාග වූ නඩුව සම්බන්ධයෙන් ද මෙවැනිම තත්ත්වයක් උද්ගතවූ බව ද හෙතෙම සඳහන් කළේය.
නොතීසි ලබාදීමකින් තොරව පෙත්සම සම්බන්ධයෙන් කරුණු සළකා බලා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ද එහිදී අධිකරණය කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.
එලෙසම මෙම පෙත්සම සම්බන්ධයෙන් ද එම ආකාරයෙන්ම කටයුතු කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව ඔහු සඳහන් කළේය.
මැදිහත් පාර්ශ්ව පෙත්සමක් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන සඳහන් කළේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සිදු සිදුකරන ප්‍රකාශ මඟින් අධිකරණයට අපහාස කිරීමේ නඩුකරයක් පවත්වාගෙන යා හැකි ද යන පැනය අධිකරණය විසින් විසඳිය යුතුව ඇති බවය.
හිටපු ක්‍රීඩා ඇමැතිවරයා සිය ෆේස්බුක් ගිණුම හරහා ද දිගින් දිගටම නීතිඥවරුන් සහ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් විවේචන සිදුකරමින් ප්‍රකාශ කර ඇති බව නීතිඥවරයා සඳහන් කළේය.
මෙවැනි අපහාස සිදු කිරීම නතර කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පමණක් නොව නඩුවලට පෙනී සිටි නීතිඥවරුන් සම්බන්ධයෙන් ද අපහාසාත්මක ප්‍රකාශ හිටපු ඇමැතිවරයා විසින් සිදුකර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කෙළ්ය.
ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමුකිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම මැදිහත් පාර්ශ්ව පෙත්සම ඉදිරිපත් කර ඇති බැවින් ඊට අවසර ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මැදිහත් පාර්ශ්ව පෙත්සම් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පෙත්සමට අවසර ලබා දීමට තීරණය කළේය.
පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා හිටපු ක්‍රීඩා ඇමැතිවරයාට අවසර ලබාදුන් අතර අදාළ විරෝධතා දෙසැම්බර් 15 හෝ ඊට පෙර ගොනුකරන ලෙස නියම කෙරිණි.
ඊට එරෙහි ප්රතිවිරෝධතා ජනවාරි මස 08 වැනිදා ගොනුකරන ලෙස පෙත්සම්කාර සහ මැදිහත් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කරන ලදී.
ඒ සම්බන්ධයෙන් කරුණු සළකා බැලීම 2024 ජනවාරි මස 23 වැනිදා සිදුකිරීමට නියම කෙරිණි.
නීතිඥ දිමිත්‍රි ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.
එහි වගඋත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ නම් කර සිටී.
ක්‍රීඩා ඇමැතිවරයාව සිටි රොෂාන් රණසිංහ ඉකුත් 08 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව පෙත්සම් සඳහන් වේ.
හිටපු ඇමැති රොෂාන් රණසිංහ අදාළ ප්‍රකාශය සිදුකරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ වෘත්තීය ජීවිතයට සහ චරිතයට විශාල අගතියක් මෙන්ම හානියක් සිදුකර ඇති බව පෙත්සෙම් සඳහන් වේ.
එසේම එමඟින් ඔහු අභියාචනාධිකරණ සභාපතිවරයාට අපහාසයක් සිදු කර ඇති බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත.
පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව උපරිමාධිකරණ විනිසුරුවරු සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයන් සිදු කිරීමට හැකියාවක් නොමැති බව ද පෙත්සම්කරු කියයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart