Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) 2022 වසරේ රටේ වාර්ෂික විගණන වාර්තාවෙන්, හිමිකම් නොලබන ත්‍යාග මුදල් සහ බැර නොකළ අරමුදල් සම්බන්ධයෙන් හෙළිදරව්වීමෙන් පසුව දැඩි විවේචනයට ලක්ව ඇත.
NLB මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති සහ ඒකාබද්ධ අරමුදලට බැර කළයුතු අරමුදල් රඳවාගෙන ඇති අවස්ථා කිහිපයක් වාර්තාවෙන් හෙළිකර තිබේ.
මෙහිදී “හදහන” නම් ලොතරැයියෙන් හිමිකම් ලබා නොගත් ත්‍යාග මුදල් බැර නොකිරීම විශේෂත්වයකි.
2022 ජනවාරි 27 සිට 2022 ජූනි 30 දක්වා කාලය තුල එම ලොතරයියෙන් ජයග්‍රහණ ලබා හිමිකම් නොකියන ලද මිලියන 12 ක මුදලක් මෙලෙස ඒකාබද්ධ අරමුදලට බැර කර නැත.
පනතේ විධිවිධාන අනුව මෙම මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුව තිබිණි.
කෙසේවෙතත්, NLB විසින් අරමුදල් තමන්ගේම ගිණුමේ තබා ඇත.
විගණන වාර්තාවේ මතු කර ඇති තවත් කරුණක් වන්නේ 2022 දෙසැම්බර් 31 වන විට NLB රුපියල් මිලියන 2,397 ක් රඳවාගෙන සිටීමයි.
පනතේ නියම කර ඇත්තේ ලොතරැයිපත්වල ආදායමෙන් පනතේ දක්වා ඇති වියදම් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල NLB විසින් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු බවයි. කෙසේවෙතත්, NLB එය කිරීමට අපොහොසත් වී ඇති බව වාර්තාවේ දැක්වේ.
මේ අතර, සංවර්ධන ලොතරැයි මණ්ඩලය (DLB) 2022 වසර සඳහා බදු ගෙවීමෙන් පසු සමස්ත ලාභය ජනාධිපති අරමුදලට ප්‍රේෂණය කර ඇති අතර එය රුපියල් මිලියන 3,211කි.
1997 අංක 20 දරන සංවර්ධන ලොතරැයි මණ්ඩල පනතට අනුව DLB විසින් පවත්වනු ලබන ලොතරැයිවලින් ලැබෙන සම්පූර්ණ ලාභය ජනාධිපති අරමුදලට ප්‍රේෂණය කළ යුතුය.
ජනාධිපති අරමුදල යනු ජාතික සංවර්ධන ව්‍යාපෘති, සුබසාධන වැඩසටහන් සහ සමාජ මුල පිරීම් ඇතුළු විවිධ කාර්යයන් සඳහා මුදල් යෙදවීම සඳහා පිහිටුවා ඇති විශේෂ අරමුදලකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart