Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 පන්දුවාර 20 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබිමේ අවස්ථාව මෙවරත් සිම්බාබ්වේ කණ්ඩායමට අහිමිව තිබේ.
සුදුසුකම් ලැබිමේ අපිුකානු කලාපීය තරගාවලියේ අද පැවැති තරගයෙන් රුවන්ඩාව පැරදවූ උගන්ඩාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දුවාර 20 ලෝක කුසලාන බලාපොරොත්තු බිඳවැටිණි.
උගන්ඩාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් සදහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර, ඒ අනුව ඔවුන් සිය කුළුඳුල් ලෝක කුසලාන තරගාවලියට ලබන වසරේදී සහභාගි වනු ඇත.
උගන්ඩාව කලක් ලොව ප්‍රසිද්ධියට පත්වූයේ ඉඩී අමින් නම් ඒකාධිපති පාලකයා හේතුවෙනි.
අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කේන්ද්‍ර කරගනිමින් පන්දුවාර 20 ලෝක කුසලානය රටවල් 20ක සහභාගිත්වයෙන් ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වේ.
සුදුසුකම් ලැබීමේ අපිුකානු කලාපීය තරගාවලියේදී පසුගියදා නැම්බියාව පළමුවරට පන්දුවාර 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේය.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි කණ්ඩායම් 2024 තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීය.
ඕස්ට්‍රේලියාව,එංගලන්තය,ශ්‍රී ලංකාව,පාකිස්ථානය,ඉන්දියාව,නවසීලන්තය,දකුණු අප්‍රිකාව, නේදර්ලන්තය එම රටවල් විය.
එමෙන්ම ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය ශ්‍රේණිගත කිරීම් අනුව සහ කලාපීය සුදුසුකම් ලැබීමේ තරගවලින් අයර්ලන්තය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියා, කැනඩා,නේපාල් ,ඕමාන්,නැම්බ්යාව සහ උගන්ඩාව තරගාවලියේ ඉඩ වෙන්කරගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart