Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීගිරියේ හෝටලයක නේවාසිකව පාඨමාලාවක් හදාරමින් සිටින අතරතුර මිතුරකුගේ නිවෙසට ගොස් රාත්‍රි නිදා සිටියදී වන අලියකු බිත්තිය පෙරළා දැමීමෙන් ඊට යට වූ වයස අවුරුදු දහනමයක තරුණයකු පෙරේදා (28) මධ්‍යම රාත්‍රියේ මියගොස් ඇතැයි සීගිරිය පොලිසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ සීගිරිය කිඹිස්ස ප්‍රදේශයේම පදිංචි අවින්ත ඉශාන් සමරනායක නමැති අයෙකි.
සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක හෝටල් පාඨමාලාවක් හදාරමින් සිටි මෙම තරුණයා මිතුරන් පිරිසක් සමඟ නිවෙසට නොදන්වා නිවෙස ආසන්නයේ සිටින තවත් මිතුරකුගේ නිවෙසට පැමිණ රාත්‍රියේ නිදාගෙන තිබේ.
මෙම නිවෙස පිටුපස වී ගෝනි කිහිපයක් ගොඩගසා තිබූ බවත්, එම වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියකු එම වී
ආහාරයට ගෙන මෙම තරුණ පිරිස නිදාගෙන සිටි නිවෙසේ බිත්තියට පහරදී ඇති බවත්, පොලිසිය පවසයි.
එසේ පහරදීමත් සමඟ ඇඳ මත නිදාගෙන සිටි තරුණයන් මතට බිත්තියේ ගල් කැබලි පෙරළී ගොස් මෙම තරුණයා බරපතළ තුවාල ලබා තිබුණු බවත්, පසුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සීගිරිය ග්‍රාමීය රෝහලට රැගෙන යන අවස්ථාවේ මියගොස් ඇති බවත්, පොලිසිය සඳහන් කර ඇත.
මෙම තරුණයාගේ මව සඳහන් කර ඇත්තේ නේවාසිකව සංචාරක හෝටලයේ පාඨමාලාවක් හදාරමින් සිටි තම පුතා නිවසට නොදන්වා මිතුරෙකුගේ නිවසට මෙසේ ගොස් ඇති බවයි.
සීගිරිය ප්‍රදේශයේ නිරන්තරයෙන්ම වන අලින් නිසා ප්‍රශ්න ගැටළු රැසකට මුහුණ දෙන බව ප්‍රදේශවාසීහු පෙන්වාදෙති.
පසුගියදා සීගිරිය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට ද වන අලින් රාත්‍රියේ පහරදී පෙරළා දමා ඇත.
මියගිය තරුණයාගේ දේහය සීගිරිය ග්‍රාමීය රෝහලේ තැන්පත් කොට ඇති අතර ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart