November 28, 2023

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත්කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත්, ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

2023 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 277ක පාඩුවක් ලබා ඇති බවත්, 2023 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රුපියල් මිලියන 457ක පාඩුවක් ලබා ඇති බවත්, ඇමැතිවරයා පවසා ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ජනමාධ්‍ය ඇමැති උපදේශක කාරක සභාවේදී ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

එසේම රජය ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබානොදෙන බවට ඇමැතිවරයා රාජ්‍ය මාධ්‍යවලට චෝදනාවක්ද එල්ලකර ඇත.

විවිධ ගරාවැටුණු ගොඩනැගිලි, මාර්ග, පාලම් ආදියෙන් පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතාවයන් මහජන මාධ්‍ය මගින් විකාශය කළ යුතු අතර, සංවර්ධනයෙන් පසුව මහජනතාවට ලබා දී ඇති පහසුකම් පිළිබඳව ද ජනතාව දැනුවත් කළ යුතු බවද ඔහු සඳහන් කර ඇත.

සමාජ සංස්කෘතියට සහ පුද්ගල සෞඛ්‍යයට හානි වන අයුරින් මාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාරක කටයුතු නියාමනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් සකස් කර කාරක සභාවට භාරදෙන ලෙස ද හෙතෙම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට එහිදී උපදෙස් ලබා දී ඇත.

42.31%
17.27%
32.76%