Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසාදමා ඇති රෝහල් සහ වසාදැමීමට මුහුණ දී ඇති රෝහල්වල මෙහෙයුම් යළි ආරම්භ කරන ලෙස සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ උපදෙස් ලබා දී තිබේ.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට ඇමැතිවරයා උපදෙස් ලබාදී ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිවේදනයකට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ අද (නොවැ 27) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
සාකච්ඡාවේදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාව පුරා දැනට රජයේ රෝහල් 40ක් වසාදමා ඇති අතර තවත් රජයේ රෝහල් 100ක් වැසීමට නියමිත බවයි.
රජයේ රෝහල් ආශ්‍රිත ගැටලු විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සොයාබැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කරන ලෙස ද සෞඛ්‍ය ඇමැතිවරයා දැනුම් දී ඇත.
වෛද්‍ය හිඟය හේතුවෙන් උතුරු පළාතේ සහ පුත්තලම සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල රෝහල් වැසීයෑමට ලක්ව ඇති බවද වාර්තා වේ.
සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදය විසඳීම සඳහා වෘත්තීය සමිති සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ එක්ව කටයුතු කරන බවට ද එහිදී සහතිකවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart