November 27, 2023

වර්තමානයේ පලස්තීනයේ මෙන්ම, දිගුකාලීන සිවිල් යුද්ධයේදී සියලු ආගම් සහ ජාතීන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ටද දුෂ්කර කාලයකට මුහුණදීමට සිදුවූ බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළේය.

2009 වසරේ පාකිස්ථානයේදී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිහිපත් කරමින් ඔහු කියාසිටියේ, ඔවුන් මව්බිමේදී එවැනි ප්‍රහාරවලට නිරාවරණය වීම හේතුවෙන් එම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සිය කණ්ඩායම දැනසිටි බවයි.

ඉන්දියාවේ 54 වැනි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී (Iffi) මුරලි පිළිබඳ චරිතාපදාන ඉන්දියානු දෙමළ භාෂා චිත්‍රපටය වන ‘800’ ප්‍රදර්ශනය කරන ලදී.

මුරලිදරන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ශ්‍රේණිගත කර ඇති අතර ටෙස්ට් සහ එක්දින තරග දෙකේදීම වැඩිම කඩුලුලාභියා ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියයි.

ඔහු 2010 වසරේදී ටෙස්ට් පිටියේ 800 වැනි කඩුල්ල වාර්තා කිරීමෙන් පසු ක්‍රීඩාවෙන් සමුගත්තේය.

මුරලිදරන්, Iffiහි සංවාද සැසියකදී අදහස් දක්වමින් කියා සිටියේ සුළුතර ප්‍රජාවක කොටසක් වූ ඔහු සිවිල් යුද්ධයේදී වඩාත් අවදානමට ලක්වූවන් අතර සිටි බවයි.

“ඒ කාලෙ මට කවදාවත් ඒක දැනුණේ නැහැ. නමුත් එය ශ්‍රී ලංකාවට දුෂ්කර කාලයක්. එය පහසු ගමනක් වුණේ නැහැ. ඔබ ඒ දවස්වල ලංකාවේ පොඩි ළමයෙක් නම්, ඕනෑම ආගමකට, ඕනෑම ජාතියකට ඒක හැමෝටම අමාරු කාලයක්.” මුරලිදරන් පැවසීය.

“දැන් ඔබට පලස්තීනය පෙනෙනවා. දැන් අපිට පේනවා මාධ්‍ය සහ මොකක් හරි නිසා ඒකෙ අතිශයෝක්තියක්. නමුත් ඒ හා සමාන දේවල් සිදුවුණා. සමහර වෙලාවට බෝම්බ පිපිරුණා. එය අවිනිශ්චිත ජීවිතයක්. ”

සිවිල් යුද්ධය තමන් වැඩෙමින් සිටි කාලයේ සිට වෘත්තීය ජීවිතය අවසන් වන තුරුම පැවති බවත්, තමා එහි බලපෑමට ලක්වූ බවත් ඔහු පැවැසීය.

“ඒ ජීවිතය මම මගේ වෘත්තිය අවසන් කරන තුරුම තිබුණා. යුද්ධය 2009 දී අවසන් වූ අතර මම 2010 දී විශ්‍රාම ගියා. එය සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා අදාළයි. මම සුළු ජාතික ප්‍රජාවකින් පැමිණි නිසා මම ටිකක් විශේෂයි. මම අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා වැඩි අවධානයක් යොමුකළා. ඒක අමාරු කාලයක්. නමුත් දැන් මම ඔබට කතාව කියන විට එය බියජනක බවක් පෙනුණත් මට එය සාමාන්‍ය ජීවන තත්වයක් වුණා ”මුරලිදරන් පැවසීය.

පාකිස්ථානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයේ දී ඔවුන්ට ලබා දී ඇති දුර්වල ආරක්‍ෂාව හේතුවෙන් ඔවුන් අසරණව සිටි බව ඔහු පැවසීය.

“අපි බංගලාදේශයේ ක්‍රීඩා කරමින් සිටි අතරතුර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අභ්‍යන්තර තොරතුරු ලැබුණු නිසා ආරක්ෂක හේතූන් මත ඉන්දියාව නොයන බව අපට හදිසියේම ප්‍රකාශ කළා. අපිට කිව්වා ඒකයි යන්න වෙන්නේ කියලා. අපිට හොඳ ආරක්ෂාවක් දෙනවද කියලා අපි ඒ වෙලාවේ ප්‍රශ්නයක් ඇහුවා. ජනාධිපති ආරක්‍ෂාව දෙනවා කිව්වා”යැයි මුරලිදරන් කීවේය.

“හැමවිටම ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය මේ රටවල් අපේ සහෝදරයෝ වගෙයි. ඉතින් ඒක නිසා අපි එතනට ගියා.”

කෙසේවෙතත් බස් රථයේ සිටි කණ්ඩායමට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා තුවක්කු පවා නොමැතිව සිටි බව පසුව අවබෝධ වූ බවද මුරලිදරන් ප්‍රකාශ කළේය.

“අපිට වෙඩි හඬක් ඇහුණා. ඉතින් අපි මේක පකිස්ථානයේ වෙනවා කියලා විහිළු කරලා අපි ගණන් ගත්තේ නැහැ, ක්‍රීඩාංගණය ළඟ වටරවුම වටේ ගියා. බස් එකට වෙඩි තැබුවා. හැමෝම කිව්වා පහළට යන්න කියලා. බෝම්බ කාලේදී අපි ඒකට පුරුදු වෙලා හිටියා. බස් එක නැවැත්තුවා, අපි හැමතැනම වෙඩි වරුසාවක් වැහි වැහැලා” ඔහු පැවසීය.

(ටයිම්ස් ඔෆ් ඉන්ඩියා)