Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනා සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසගේ නඩත්තුව සහ ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් රුපියල් ලක්ෂ 1100ක් ලබන වසරේදී වෙන් කිරීමට 2024 අයවය විසර්ජන පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ, හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබන වර්ෂයේදී වැය කිරීමට අපේක්ෂා කරන මුදල 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 45ක පමණ වැඩිවීමක් පෙන්නුම් කෙරන බවයි.
මේ අනුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 292 බැගින්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 157ක්ද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ භාර්යාව වන හේමා ප්‍රේමදාසට රුපියල් ලක්ෂ 68ක් ද ලබන වසරේදී වෙන්කර තිබේ.
හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනාට සහ ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාසට 2022 වර්ෂයේ අයවැයෙන් පොදුවේ වෙන්කර ඇත්තේ රුපියල් ලක්ෂ 757ක මුදලකි.
මේ වර්ෂයේදී එම මුදල ලක්ෂ 844කින් ඉහළ ගොස් ඇති අතර, හිටපු ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදල ලබන වර්ෂයේදී ලක්ෂ 1100ක් දක්වා ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර තිබේ.
කෙසේ නමුත් ගුරුවරුන්ගේ වැටුප ලබන වසරේදී වැඩි වෙන්නේ සියයට 14කින් පමණක් බවද මහාචාර්යවරයා පවසයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ නඩත්තුවට වෙන් වූ මුදල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් ද සිදු වුවත් වැඩි ඡන්දයෙන් එය පරාජයට පත්විය.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart