November 26, 2023

පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයකු විසින් ලිංගික බලපෑම් කළ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මැළිකමක් දක්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ‘දිවයින ඉරිදා පුවත්පත’ට පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඇති ලැජ්ජාශීලීභාවය නිසා එම සිද්ධිය පිළිබඳව ඇය මෙතෙක් නිසි පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කර නැතැයි ද කථානායකවරයා පවසයි.

බස් රථවලද කාන්තාවන්ට මෙවැනි අතවර සිදුවුවත් සමහරු ඒවා ගැන පැමිණිලි නොකරන්නේ ලැජ්ජාව නිසා යැයි ද ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත් අදාළ කෝප් කමිටු සභාපතිවරයා මෙම අතවර චෝදනාව ප්‍රතික්‍ෂේප කර ඇත.

42.31%
17.27%
32.76%