November 26, 2023

විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා ස්ථීර සේවකයන් 5000ක් ඉවත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

ඉදිරියේදී අත්‍යවශ්‍ය පිරිස පමණක් සේවයෙහි යෙදවීමට පියවර ගන්නා බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

විදුලි බල මණ්ඩලයේ සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් සඳහා ලබන වසරේදී ලබාදීමට ගිවිසුම්ගතව තිබූ 25%ක වැටුප් වර්ධකය සහ දීමනා ලබාදීම ද අහෝසි කළ බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ ප්‍රතිපාදන ඇතුලත් නව නීති ප්‍රතිපාදන ඉදිරි සති කිහිපය ඇතුලත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%