Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් පවත්වාගෙන යනු ලබන ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය වසරේ ඩොලර් මිලියන 17ක අතිවිශාල මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවා ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වේ .
මෙම විෂයට සමීප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, මෙම දැවැන්ත මූල්‍ය වියදම සංස්ථාවට සැළකිව යුතු පාඩුවක් සිදුකර ඇති බවයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර තොරතුරුවලට අනුව මේ සඳහා මූලික හේතුව,සංස්ථා නිලධාරීන්ගේ වැරදි කළමනාකරණයි.
විගණන වාර්තා සඳහන් කර ඇති පරිදි, සමාලෝචිත වර්ෂය සඳහා වන මූල්‍ය ප්රකාශනවල සංස්ථාව විසින් දරන ලද නිශ්චිත ප්‍රමාද වියදම් විනිවිදභාවයෙන් ඉදිරිපත් කර නොමැත.
එපමණක් නොව, ඉන්ධන තොග ගොඩබෑම ප්‍රමාද වීමට හේතුවන නල මාර්ගයේ අබලන් තත්ත්වයද මෙම පාඩුවලට හේතු වී තිබේ.
2003 දෙසැම්බර් 30 වන දින සංස්ථාව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් පොදු පරිශීලක පහසුකම් කොටස් හිමියන්ගේ ගිවිසුමට අනුව සහ 2019 මැයි 13 දින සංස්ථාව සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම අතර ගිවිසුමට අනුව,පිළිගත් ප්‍රමිතිය සහ මාස දෙකක ඉන්ධන අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් සැපයීමේ එකඟතාව ඇතිව තොග ගබඩා පර්යන්ත සමාගම වෙත නල මාර්ග නඩත්තු කිරීම භාර දෙන ලදී.
කෙසේ වෙතත්, නල මාර්ග අවහිරවීම් සහ අකාර්යක්ෂම ලෙස ගබඩා කිරීම හේතුවෙන් සිදුවූ ඉන්ධන ගොඩබෑමේ ප්‍රමාදයන් වෙනුවෙන් සංස්ථාවට හිඟ මුදල් ගෙවීමට සිදුවිය.
මේ වන විට, ලංකා ඛනිජතෙල් සංස්ථා කළමනාකාරිත්වය ජාතික විගණන කාර්යාලය සමඟ කළ සන්නිවේදනයට අනුව, මේ සම්බන්ධයෙන් ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙතින් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.
මීට අමතරව, පවතින සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ 2012 සිට 2018 දක්වා කාලය සඳහා විදේශීය සැපයුම්කරුවන්ගෙන් එකතු කළ යුතු මුළු මුදල ඩොලර් 4,392,675ක් බවයි.
ප්‍රමාද වූ භාරදීම් හෝ කෙටි කාලීන පැටවීම් හේතුවෙන් පනවන ලද දඩ මුදල් සඳහා ඩොලර් 1,476,556ක්, බාහිර පාඩු සඳහා ඩොලර් 178,678ක් , පිළිගත නොහැකි ගුණාත්මකභාවය සඳහා දඩ මුදල් සඳහා ඩොලර් 2,630,423ක් සහ මිල වෙනස්කම් හේතුවෙන් සිදුවන පාඩු සඳහා ඩොලර් 107,017ක් ඊට ඇතුළත් වේ.
සමස්ත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පවසන්නේ, වාර්ෂිකව විශාල වශයෙන් පාඩු ලැබීමට හේතු වී ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇති අක්‍රමිකතා සහ අවපාලනය සම්බන්ධයෙන් තමන් දැනටමත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවයි.
“වැදගත්ම දෙය නම්, අක්‍රමිකතා වැළැක්වීම සඳහා සංස්ථාව විසින් දැනට භාවිත කරන මෘදුකාංග පද්ධතිය අලුත් කළ යුතුයි. සාමාන්‍යයෙන් , පද්ධතිය සෑම මාස හයකට වරක් යාවත්කාලීන කළ යුතුයි. විගණනයක් පැවැත්විය යුතුයි, නමුත් ස්ථාපනය කළ දින සිට මෘදුකාංග පද්ධතිය සඳහා විගණනයක් සිදු කර නැහැ. එසේම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැරදි කළමනාකරණය හේතුවෙන් ප්‍රමාද වියදම් දැරීමට සිදුව තිබෙනවා. නියමිත වේලාවට නැව්ගත කිරීම කාලසටහන්ගත කිරීම සිදුකර නැහැ, ” යැයි ඔහු චෝදනා කළේය.
මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ප්‍රකාශ කළේ පසුගිය වසරේ භාණ්ඩ ගොඩබෑමේ ප්‍රමාදයට මූලික වශයෙන් හේතුවූයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදය බවයි.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart