Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2014 වසරේදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබූ හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනකු චෝදනාවලට නිවැරැදිකරුවන් බව ප්‍රකාශ කළේය.
ඒ අධිකරණයේ පරිවර්තක මුඩ්ලියර් විසින් ඔවුන්ට එරෙහිව චෝදනා කියැවීමෙන් පසුවයි.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අතර විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණය හමුවේ මුඩ්ලියර් විසින් විත්තිකරුවන්ට කියවූ අතර ඔවුහු චෝදනාවලට නිවැරැදි බව ප්‍රකාශ කළහ.
මෙම නඩුවේදී රාජ්‍යයට මූල්‍ය අලාභ සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න සහ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන දෙදෙනාට අධිචෝදනා ගොනු කර තිබේ.
2014 අගෝස්තු 01 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා කාලය තුළ ඉතා සුළු මුදලකට මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දෙන ලෙස ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලකරමින් රජයට පාඩු සිදු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart