Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩොලර් මිලියන 293ක වියදමින් දේශීයව වගා කළ හැකි එළවළු සහ අල වර්ග කිහිපයක් ආනයනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ඩොලර් මිලියන 293ක වියදමින් ටාරෝ (කිරි අල) ඇතුළු එළවළු සහ අල වර්ග කිහිපයක් ආනයනය කර ඇති බව වාර්තා වන බවයි.
ඔහු කියා සිටියේ එම චෝදනාව සළකා බැලූ ඇමැති මහින්ද අමරවීර මහත අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර කඩිනමින් වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවයි.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රට තුළ විදේශ මුදල් සංචිතවල සැළකිව යුතු හිඟයක් දක්නට ලැබීමත් සමඟ රජය හැකි උපරිමයෙන් ආනයනය සීමා කරමින් සිටියි.
2019 වසරේ ආනයනය සඳහා ඩොලර් බිලියන 1.950ක් වැය කිරීමට සිදු වුවද, දළ වශයෙන් භාණ්ඩ වලින් 82%ක් ආනයනය සීමා කිරීම හේතුවෙන් එම මුදලින් ඩොලර් බිලියන 1.698ක මුදලක් පසුගිය වසර (2022) වන විට ඉතිරි කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පසුගියදා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ වගා කළ හැකි කිසිදු එළවළු වර්ගයක් ආනයනය කිරීම රජය අනුමත නොකරන බවට අමරවීර ඇමැතිවරයා පසුගියදා ගොවීන්ට සහතික විය.
එළවළු, පළතුරු, මස්, බිත්තර ආනයනය කිරීමේදී නිරෝධායන නිෂ්කාශන නිකුත් කරන්නේ අමාත්‍යංශය යටතේ පවතින ජාතික ශාක නිරෝධායන සේවාව බව පෙන්වා දුන් ඔහු දේශීයව වගා කළ හැකි කිසිදු එළවළු වර්ගයක් ආනයනය කිරීමට ඉඩ නොදෙන බව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart