Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ වගකීම රාජපක්ෂවරුන්ට පැවරී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන ‘ෆස්ට්පෝස්ට්’ සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පිළිගත්තේය.
රාජපක්ෂවරුන් කළ ක්‍රියාව සම්බන්ධයෙන් අවම වශයෙන් සමාව ගතයුතු දැයි කළ සාකච්ඡාව මෙහෙයවූ ජනමාධ්‍යවේදිනිය සිදුකළ විමසීමකදී ජනාධිපති වික්‍රමසිංහ පැවසුවේ, එය ඔවුන්ට භාර බවත්, ඔවුන් එසේ කර ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය.
“අර්බුද ඇති වුණේ ඔවුන්ගේ කාලයේ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ද ඉල්ලා අස් වූ විට මුළු දේශපාලන ක්රමයම කඩා වැටුණා. වගකීම භාරගත යුතු විපක්ෂය වගකීමෙන් ඉවත් වුණා.” ඔහු පැහැදිලි කළේය.
සෑමදෙනා අතින්ම වගකීම් විරහිත ක්‍රියා රැසක් සිදු වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තමන් රාජපක්ෂවරුන් ආරක්ෂා කරන බවට විවේචකයන් විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, “මම රාජපක්ෂවරුන් ආරක්ෂා කරන්නේ නැහැ. මම කියන්නේ රාජපක්ෂලා වගකිව යුතුයි. ඒත් ඊට පස්සෙ වගකීම ගන්න වෙන කෙනෙක් නෑ. විවේචනය කරන්නේ, වගකීමෙන් පැන ගිය අය” යනුවෙනි.
පසුගිය දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන්දින සැමරුම් උත්සවයට තමා පැමිණීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා කියා සිටියේ, තමන් සහ මහින්ද රාජපක්ෂ සැම විටම උපන්දින සුබ පැතුම් හුවමාරු කර ගනිමින් උපන් දින සැමරූ බවත්, එය සාමාන්‍ය සිරිත බවත්ය.
“මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපන්දිනයට මම හැමදාම සුබ පැතුවා වගේම එතුමා මගේ උපන්දිනයට සුබ පැතුවා. මේ වෙලාවේ නාමල් රාජපක්ෂ මහත්තයා මට එයාගේ ගෙදර පාටියකට එන්න පුළුවන්ද කියලා ඇහුව නිසා මම ඔව් කිව්වා. කිසියම් මන්ත්‍රීවරයෙක් මට ආරාධනා කළොත් වෙලාවක් තිබුණොත් මම උපන්දින සාදයට යනවා. සමහර වෙලාවට අපිත් කේක් අරන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී හෝ කැබිනට් මණ්ඩලයේදීත් කපනවා. ඒක සම්ප්රදායක්,” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart